යුක්රේනය අස්ථාවර කරන බව පවසමින් ඇමරිකාව විසින් ආර්ථික සම්බාධක පැණවීම ඇමරිකානු ජාතික අභිලාෂයන් වලටම එරෙහි ක‍්‍රියාවක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
සෑම විටම සම්බාධක යනු බූමරංගයක් ලෙස ක‍්‍රියාකරන්නක් බව ඔහු පවසා තිබේ. එය ඇමරිකානු ජාතික ආර්ථික අභිලාෂයන්ට පවා එරෙහිවන බව රුසියානු ජනාධිපතිවරයාගේ අදහසයි.
උදාහරණයක් ලෙස ආක්ටික් තටකයේ තෙල් ගවේෂණය සඳහා රුසියාව විසින් ඇමරිකානු සමාගමකට අවස්ථාව දී ඇති අතර ඇමරිකානු රජය විසින් තම සමාගම ඉන් වැළැක්වීම මගින් සිදුවන්නේ ලෝකයේ වෙනත් බලශක්ති සමාගම් සමග තරගවැදීමේ හැකියාව අහිමි කරගැනීම බවද ඔහු පවසා තිබේ.
මෙවැනි වෘත්තීයමය නොවන පරාජිත ක‍්‍රියාවන් රුසියානු-ඇමරිකානු සබඳතා වලට දැඩි හානියක් සිදුකළද තම පාර්ශ්වය නිතරම ඇමරිකාවට දොර නොවසන බවද පුටින් අවධාරණය කර ඇත. යුක්රේනය වෙත ලබාදෙන ණය මුදල් පිළිබඳව ඔහු පවසා ඇත්තේ ඒවා යුක්රේන වංශාධිපතීන්ට පමණක් සීමා නොවී ජනතාව අතටද පත්විය යුතු බවයි.
lanka C news
No comments:
Post a Comment