කුඩු බේරන්න ලියුම් යැවුවත් අගමැති තාම පුටුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 26, 2014

කුඩු බේරන්න ලියුම් යැවුවත් අගමැති තාම පුටුවේ

http://ift.tt/eA8V8J

කුඩු නිදහස් කරන්න අගමැති කාර්යාලයෙන් ලියුම් යැවුවද අගමැති තාම පුටුවේ ඉන්නේ කෙසේදැයි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝසි සේනානායක මහත්මිය ප‍්‍රශ්ණ කරයි.

‘මේ දවස්වල කුඩු අඩුවුණා, අහුවුණා කියනවා. හැබැයි මට තියෙන ප‍්‍රශ්නේ අල්ලපු කුඩු විනාශ කරාද ඒවට මොකද වුණේ කියන එක. කුඩු සමග අල්ලන සැකකාරයන්ට මොකද වුණේ කියන එක.

අගමැති කාර්යාලයෙන් ලියුමක් යැව්වා. කුඩු ආවා. ඒත් අගමැති තාම පුටුවේ.

දකුණු ආසියාවේ විශාල වශයෙන් කුඩු ගේන රට මේ ලංකාව. මේක සමාජයට වසංගතයක් වෙලා. තරුණ ජීවිත කීයක් කුඩු නිසා විනාශ වෙනවාද?

LTTE ත‍්‍රස්ත සංවිධානය මුලිනුපුටා දාපු රජයට ඇයි බැරි මේ කුඩු ගේන එක නතර කරන්න? මොකක්ද බැරි වෙන්න හේතුව? මට රජයත් සමග තියෙන ප‍්‍රශ්නය ඒක’ යයිද ඇය සඳහන් කරයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad