සංගීතේ අතරතුර චන්දන ලියනාරච්චිට ගල් ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 13, 2014

සංගීතේ අතරතුර චන්දන ලියනාරච්චිට ගල් ප්‍රහාරයක්

ජනප්‍රිය ගායක චන්දන ලියනාරච්චි පසුගිය 8 වනදා මහව ප්‍රදේශයේ සංගීත සන්දර්ශනයක ගීතයක් ගායනා කරමින් සිටින අතරතුර ගලක් වැදී අනතුරකට ලක්වී තිබෙනවා.

ඔහු එම සන්දර්ශනයේ පළමු ගීතය රසිකයින්ගේ ප්‍රිති ඝෝෂා මැද ගායනා කොට දෙවැනි ගීතය ගායනය කරන්නට අරඹනවාත් සමගම කිසිවෙකු විසින් ඔහු වෙතට දමාගසන ලද තරමක විශාල ගල්කැටයක් ඔහුගේ මුහුණට පතිතවී තිබෙන අතර ඔහු ඒ සමගම ඇදවැටී තිබෙනවා. ගල් පහර නිසා ඔහුගේ ඇස බේරී ඇත්තේ අනූනමයෙනි.

ඇසට තරමක් පහතින් මුහුණ තුවාලවූ බැවින් ඔහු රොහල් ගත කරන්නටත් සිදුවුණා. මේ වනවිට ඔහු සුවය ලබමින් පසුවෙනවා.
මේ ගැන ගායක චන්දන ලියනාරච්චි පවසන්නේ 'අපි වේදිකාවේ ගී ගයන්නේ කවුරුවත් හිරිහැර කරාවි කියල හිතලා නෙමෙයි. 

අවුරුදු 20ක් තිස්සේ මං සන්දර්ශන වලට ගීත කියල තියනවා.කවදාවත් මෙහෙම දෙයක් වුනේ නෑ.මගේ යාළුවෙක් අඬගහපු නිසා මේක මං අහම්බෙන් සම්බන්ධ වෙච්ච ගීත ප්‍රසංගයක්. ගල වැදුණ පාර මට දරාගන්න බැරිවුණා. දෙයියො බලපු නිසා මගේ ඇහැ බේරුණා. 

 කලාකරුවන් ගීත ගායනා කරන්නේ රසිකයො පිනවන්න. එහෙම අයට මෙහෙම කරන එක වැරදියි" යනුවෙනි. 

සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත්තේ සන්දර්ශනය නරඹන්නට ආ අයෙකු තවත් අයෙකු සමග ඇති කරගත් ආරවුලක් නිසා මෙම ගල්ගැසීම සිදුකරඇති බවත් චන්දන ඉලක්ක කරගෙන පහරදීම සිදු නොවුණත් වේදිකාව අසළ ඇතිවූ ආරවුල හේතුවෙන් ඔහුට ගල් ප්‍රහාරය එල්ලවී ඇති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad