දිග 2.5cm පලල 1.1cmයි.. ලොව කුඩාම පොත වැල්ලවායේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 13, 2014

දිග 2.5cm පලල 1.1cmයි.. ලොව කුඩාම පොත වැල්ලවායේ

දිග සෙ. මි. 2.5   පළල සෙන්ටිමීටර් 1.1  ක් වූ ලොව කුඩාම පොත වැල්ලවාය ඇල්ල වැල්ලවාය පාර ව්‍යාපාරිකයෙකු සතුව තිබේ.

පිටු 127 කින් පරිච්ජේද 29කින් සමන්විත  මෙම පොතේ ඉංග‍්‍රීසි අක්ෂර වලින් ප‍්‍රංශ භාෂාවෙන් මානව හිමිකම් පිළිබද ජාත්‍යන්තර නීතිය ඇතුළත්ය.

මෙම ව්‍යාපාරිකයා 1996 වසරේදී සෞදි අරාබියේ රැකියාවක් කරන අතරතුර ඔහු විසින් කුඩා දරුවෙකු හා පියකු රිය අනතුරුන් වැලැක්වීම නිසා ප‍්‍රංශ ජාතික ඉංජිනේරුවරයෙකු විසින් ඔහුට මෙම පොත පරිත්‍යාග කර ඇත.

ඉංජිනේරුවරයා සහ ඔහුගේ පුතා මාර්ගයේ ගමන්කරන විට කන්ටේනර් රථයක රෝදයක් ගැලවී ඉදිරියට එන විට එම රෝදයෙන් සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනීමට ඔහුට මෙය පරිත්‍යාග කර ඇත.

ලෝකයේ කුඩාම පොත මුද්‍රණය කළ මුද්‍රණාලය කුඩා පොත් 10ක් මුද්‍රණය කර විනාශ කර දමා ඇති බව ද ඉංජිනේරුවා ව්‍යාපාරිකයාට  පවසා ඇත. ඔහු තවදුරටත් පවසා ඇත්තේ එම පොත ඩොලර් 5000 ක මිලට ගත් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad