සුමිත්ත හිමි පන්සලෙන් පන්නයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 5, 2014

සුමිත්ත හිමි පන්සලෙන් පන්නයි

මංකොල්ලකෑම, අවි ආයුධ ළඟ තබා ගැනීම, අපරාධකරුවන්ට විහාරස්ථානයේ නවාතැන් ලබා දීම ඇතුළු චෝදනා මත  තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගතව සිට අධිකරණය විසින් ඇප පිට නිදහස් කර ඇති මිගෙට්ටුවත්ත සුමිත්ත හිමියන් ඉදුරුව බණ්ඩාරිගොඩ ශ‍්‍රී සුනන්දාරාම විහාරස්ථානය ආපසු පැමිණ අවස්ථාවේ ප‍්‍රදේශවාසීන්ගේ විරෝධතාවය නිසා ආපසු ගොස් තිබේ.

මහ පිරිසක් සුමිත්ත හිමියන් විහාරස්ථානය වෙත පැමිණෙන බව දැනගෙන එය වටලා සිටි අතර සුමිත්ත හිමි විහාරස්ථානයට පැමිණීමත් සමග ඔවුන්ගේ දැඩි විරෝධය දැක්වීම හමුවේ ආපසු හැරී යාමට සිදුවිය.

මේ අවස්ථවේ එම ස්ථානයේ පොලිස් භටයින් පනහක් පමණ යොදවා තිබිණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුමිත්ත හිමියන් කියා සිටියේ තමන් අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් විසින් මෙම විහාරයේ විහාරාධිපති ලෙස පත් කළ බවත් මෙම පත් කිරීම පිළිබදව මහා නායක හිමියන් විසින් බෞද්ධ කටයුතු පිළිබද කොමසාරිස්වරයා ඇතුළු අදාළ අංශවලට දැනුම් දී ඇති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad