හලාවත, මාරවිල, තල්විලවැල්ල ප‍්‍රදේශයේ මුහුදු ප‍්‍රදේශයට පියඹන පීරිසියක් කඩා වැටී ඇතැයි වාර්තා වීමක් නිසා එම ප‍්‍රදේශයේ ඊයේ රාති‍්‍රයේ නොසන්සුන්කාරි තත්වයක් ඇති වී තිබේ.මෙම නොසන්සුන්තාව ඇති වී ඇත්තේ ඊයේ රාති‍්‍ර අටට පමණ මුහුදේ පාවෙමින් තිබූ ආලෝක ධාරාවක් දුටු බව පුද්ගලයෙකු විසින් පැවසීමෙන් පසුය.
එම පුද්ගලයා පවසා ඇත්තේ වෙරලේ සිට මීටර් සියයක් පමණ ඈතින් දීප්තිමක් ආලෝකයක් මුහුදේ පෙනෙන්නට තිබූ බවයි.
කෙසේ වෙතත් සිද්ධිය පොලීසියට දැනුම් දුන් පසු එම ආලෝකය මුහුදේ පාවෙමින් තිබූ විශාල ප‍්‍රමාණයේ විදුලි පන්දමකින් නිකුත් වූ අලෝකයක් බව හෙළිව තිබේ.
දිනමිණ ඇසුරෙනි
No comments:
Post a Comment