
හෙට (27) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
එහි දී සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
එම අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට සහ අනිද්දා (28) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.
පෙරවරු 9.30ට සිට පස්වරු 6.30 දක්වා එම දෙදින තුළ අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය පැවැත්වෙන බව සඳහන් වේ.
මේ අතර 09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන දෙදින වැඩමුළුවේ අවසන් දිනය අදයි.
ඊයේ (25) පෙරවරු 9.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්විය.
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින සියලු මන්ත්‍රීවරුන්ට මෙම දෙදින වැඩමුළුව සඳහා ආරාධනා කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.
පාර්ලිමේන්තු කටයුතු මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කෙරෙයි.
මේ අතර, නව ආණ්ඩුවේ දෙවන කැබිනට් රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතය.
මින් ඉදිරියට සතියේ සෑම බදාදා දිනකම කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.
අද දින රැස්වන කැබිනට් මණ්ඩලයට අමාත්‍යාංශ ගණනාවක කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
No comments:
Post a Comment