
සිංහරාජ රක්ෂිතය හරහා සිදුකරනු ලබන මාර්ග ව්‍යාපෘතිය කරනු ලබන්නේ තමාට අයත් හෝටලයකට සම්බන්ධ බවට එල්ල වන චෝදනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර සිටියි.
යෝෂිත රාජපක්ෂට අයත් හෝටලයකට ප්‍රතිලාභ සැලසීම සඳහා මතභේදාත්මක මාර්ග ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවට පරිසරවේදී සංජීව චාමිකර මහතා පසුගියදා චෝදනා කර සිටියහ.
මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ බොරු චෝදනා එල්ල කිරිම සම්බන්ධයෙන් තමන් පරිසරවේදී සංජිව චාමිකර මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙවැනි චෝදනා එල්ලා කිරිම මගින් ඇතැම් කණ්ඩායම් තමන්ගේ ප්‍රතිරූපයට කැළැලක් ඇති කිරීමට උත්සාහ කරන බව යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම පිළිබඳව පරිසරවේදීන් අවධානය යොමු කර සිටියි.
ඉන් අනතුරුව සිංහරාජ රක්ෂිතය තුළ සිදුවන මාර්ග සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේ දී බලධාරින්ටඋපදෙස් ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පාරිසරික හා සොබාදහම පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි සිංහරාජා රක්ෂිතය හරහා නෙලුව – ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය දියත් කළ බව මහාමාර්ග අමාත්‍යාංශය පසුව පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබීය.
No comments:
Post a Comment