අසුභවාදී විය යුතු නැහැ - නිසි කලට මම තීරණයක් ගන්නම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

අසුභවාදී විය යුතු නැහැ - නිසි කලට මම තීරණයක් ගන්නම්

අසුභවාදී විය යුතු නැහැ - නිසි කලට මම තීරණයක් ගන්නම්

තමන්ගේ දේශපාලනයේ අනාගතයේදී සිදු විය යුතු දේ නිසි කාලයට සිදුවනු ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අනාගතය දෙස අසුබවාදී ලෙස බැලිය යුතු නැති බවත් තමන්ට කණගාටු වීමට හේතුවක් නැති බවත් ඔහු පවසයි.

අංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

පක්‍ෂයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ ජනාධිපතිගේ වැඩ පිළිවෙල අනුමත කරමින් පළමු වතාවට කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 12ක් ලැබීම ඉතිහාසය ජයග්‍රහණයක් බව ද ඔහු එහිදී පැවසීය.

මෙවර මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන තිබෙන බව ඡන්ද ප‍්‍රතිඵලයෙන් පැහැදිලිව පෙනී යන්නේ දේ යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙවර ඇමති මණ්ඩලය නම් කිරීමේදී විජේදාස රාජපක්‍ෂ මහතාට රාජ්‍ය ඇමති ධුරයක් යෝජනා වී තිබුණද ඔහු එය බාර ගැනීම ප්‍රතික්ෂේප කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad