"මම සැඟවිලත් නැහැ - කවුරුවත් සඟවා ගෙනත් නැහැ" - පූජ්‍ය අතුරලියේ රතන හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

"මම සැඟවිලත් නැහැ - කවුරුවත් සඟවා ගෙනත් නැහැ" - පූජ්‍ය අතුරලියේ රතන හිමි

තමන් වහන්සේ සැඟවී නැති බවත් වෙනත් කිසිදු භික්ෂුවක් සඟවා ගෙන නැති බවත් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ඒෂියන් මිරර් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.

අපේ ජනබල පක්ෂයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින බවට තමන් වහන්සේට එරෙහිව පොලිසියට කර තිබෙන පැමිණිල්ල පිළිබඳව සිදු කෙරෙන විමර්ශනය සඳහා තමන් වහන්සේ සහභාගී වන බව ද උන්වහන්සේ සඳහන් කරයි.

වෙදිනිගම විමලතිස්ස හිමියන්ව රතන හිමියන් විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන තිබෙන බවට විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධිකරණ ලේකම් පුජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණය සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට රතන හිමියන්ට පැමිණෙන ලෙස දන්වා සිටියද උන්වහන්සේ එහි නොපැමිණි හෙයින් කොළඹ දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් උන්වහන්සේ වැඩ සිටින රාජගිරිය සඳහන් සෙවන ආරාමයට ගියද එහිද උන්වහන්සේ වැඩ සිටි නැති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad