තරුණයකුට දෙන කතාව බොරු: එජාපය හැඳිගෑවෙනකන්ම නායකයා රනිල් - මුජිබර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

තරුණයකුට දෙන කතාව බොරු: එජාපය හැඳිගෑවෙනකන්ම නායකයා රනිල් - මුජිබර්

ශක්තිමත් විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ හිඳිමින් සමගි ජන බලවේගය නිරතුරුව ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත්, එයාගේ වටේ හිටපු ගෝලබාලයෝත් එක්සත් ජාතික පක්ෂයේ විනාශයට වගකියන්න ඕනෑ’’ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගියදා (21) පැවැසීය. 

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීවේය. 

‘‘සමගි ජන බලවේගයේ සජිත් නායකතුමා ප‍්‍රමුඛ අපි තමයි පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම විපක්ෂය. ආණ්ඩුව කරන හොඳ වැඩවලට අපි එකෙන්ම උදව් කරනවා. හැබැයි වැරදි වැඩවලට නම් අපි තදින්ම විරුද්ධ වෙනවා. දැන් අපිට හොඳ ගමනක් තියෙනවා. අපිට දැන් කොන්ද පණ තිබෙන ශක්තිමත් නායකයෙක් ඉන්නවා. ඒ නිසා අපිට දැන් හොඳ ගමනක් තිබෙනවා. කොහොම වුණත් ඉදිරියේදී රටේ නායකයා වෙන්නේ අපේ පක්‍ෂයේ නායකයා කියන එක නම් ස්ථීරයි. ඒකෙ කතා දෙකක් නැහැ. 

අද එක්සත් ජාතික පක්ෂය විනාශ වෙලා ඉවරයි. රනිල් මහත්තයයි, එයාගේ වටේ හිටපු ගෝලබාලයෝ ටිකයි එක්සත් ජාතික පක්ෂය විනාශ කළේ. අලූත් තරුණයකුට පක්ෂයේ නායකත්වය දෙනවා කිව්වාට එතුමා තමයි හැමදාම නායකයා. හැම මැතිවරණයකදීම එතුමා පැරදුණාම කියන කතාවක්නේ තරුණයකුට පක්ෂයේ නායකකම දෙනවා කියන කතාව. දැන් ඇත්තටම එතුමා මුළු රටේම විහිළුකාරයා වෙලා. කවුරුවත් එතුමා කියන දේවල් ගණන් ගන්නේ නැහැ. 

කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය දියාරු වෙලා හැඳි ගෑවිලා යනකම්ම රනිල් තමයි ඒ පක්ෂයේ නායකයා. ඉතිං ඒ පක්ෂයේ ඉන්න තරුණ පිරිසට කියන්නේ ‘සමගි ජන බලවේගය’ සමග එකතු වෙන්න කියලායි. අපේ පක්ෂයේ හිටියොත් ඔබට පැවැත්මක් තියේවි. දැන් අපේ පක්ෂයට තිබෙන ජනතා ප‍්‍රසාදයත් වැඩියි.

No comments:

Post a Comment

Post Bottom Ad