නමුත් එම උත්සාහය ජේෂ්ඨයන් විසින් වැළැක්වූ නිසා යලි අසුන් ගත් බවද ඔහු පැවසීය.
පාර්ලිමේන්තු ආරම්භක දිනයේ කතානායකවරයාට සුබ පැතීමට අවස්ථාව ලැබුනේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පක්ෂ නායකයන්ට පමණක් බැවින් තමන්ට අකමැත්තෙන් වුවද නිහඬ වන්නට සිදු වු බවද වීරසේකර මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තුව තුළ තමන්ට අදහස් පළ කිරීමට මෙතෙක් අවස්ථාව නොලද බවත් ඊට අවස්ථාව ලැබෙන පළමු මොහොතේම විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කරන බවත් ඔහු පැවසීය.
එමෙන්ම විග්නේශ්වරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු තවදුරටත් සදහන් කලේය.


No comments:
Post a Comment