මහනුවර – කුරණෑගල මාර්ගයේ මඩවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 24, 2020

මහනුවර – කුරණෑගල මාර්ගයේ මඩවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට

මහනුවර – කුරණෑගල මාර්ගයේ මඩවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ කන්ටේනර් රථයක්, රියැදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක ගැටී තවත් කාර් රථයක් මතට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි.


අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.


එලෙස මියගොස් ඇත්තේ අනතුරට ලක්වූ මෝටර් රථයක සිටි 36 හැවිරිදි පියෙකු දෙහැවිරිදි දියණියකි.


ඔවුන් නිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad