කරු නායකත්වයට ගෙන ඒමේ කපුවා මංගල - තුටු පඬුරු ලෙස මහ ලේකම්කම ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 24, 2020

කරු නායකත්වයට ගෙන ඒමේ කපුවා මංගල - තුටු පඬුරු ලෙස මහ ලේකම්කම ඉල්ලයි

කරු නායකත්වයට ගෙන ඒමේ කපුවා මංගල - තුටු පඬුරු ලෙස මහ ලේකම්කම ඉල්ලයි

එජාපයේ අන්තර්කාලින නායකත්වය සඳහා කරු ජයසුරිය මහතා ගෙන ඒමේ වැඩපිළිවෙල පිටුපස සිටින්නේ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එජාපය මහ මැතිවරණයේදී ලැබුණු අන්ත පරජයෙන් පසු මාතර සිටි මංගල සමරවීර මහතාව වහාම කොළඹට කැඳවූ වික්‍රමසිංහ මහතා පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව ඔහු සමඟ සාකච්ජා කළ බවද එහිද සමරවීර මහතා පක්ෂයේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ නායකයා මෙන්ම පක්ෂ මහ ලේකම්වරයා වෙනස් කිරීම එම යෝජනා අතර තිබෙන ප්‍රධාන කරුණු දෙකක් වේ.

ඒ අනුව පක්ෂයේ අන්තර්කාලින නායකත්වයට කරු ජයසුරිය මහතාට ලබා දීමට සමරවීර මහතා යෝජනා කර ඇති අතර වර්තමාන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට එකඟතාවය පළ කළ මුත් ඔහුම පමණක් දන්නා හේතුවක් මත එය ක්‍රියාත්මක කිරීම වික්‍රමසිංහ මහතා විසින් මඟ හරින ලදී.

එසේ කොට එළඹෙන පළාත් සභා මැතිවරණය අවසාන වන තෙක් තමාම නායකත්වයේ සිටින බව වික්‍රමසිංහ මහතා දැනුම් දුන්න ද ඔහුගේ නායකත්වය යටතේ පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට පාක්ෂිකයන් තුළ කැමැත්තක් නොමැති බව ද වාර්තා වේ. මේ නිසා පක්ෂ නායකත්ව අර්බුධය යළිත් ඉස්මතු වන ලකුණු පහළ වී තිබේ. 

ජයසුරිය මහතා නායකත්වයට පත් වන්නේ නම් තමාට මහා ලේකම් ධුරය අවශ්‍ය බව සමවිර මහතා වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad