එජාප නායක සටන උග්‍ර වෙයි - අවසන් සාකච්ඡාව සඳුදා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 28, 2020

එජාප නායක සටන උග්‍ර වෙයි - අවසන් සාකච්ඡාව සඳුදා

එජාප නායක සටන උග්‍ර වෙයි - අවසන් සාකච්ඡාව සඳුදා

එක්සත් ජාතික පක්ෂයේ නායකයා තෝරා පත් කර ගැනීමේ අර්බුදය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ.

නායකත්වය සඳහා විවිධ නම් යෝජනා වෙමින් පවතින අතර ඒ වෙනුවෙන් විවිධ පාර්ශව මැදිහත් වීම හේතුවෙන් අර්බුදය තවත් උග්‍ර වී තිබේ.

එජාපය ඉදිරියට ගෙන යාම සඳහා කඩිනමින් නායකයෙකු පත් කර ගත යුතු බවත් නායකයාගේ අදූරදර්ශී ක්‍රියාවන් පක්ෂය කඩා වැටීමට අතිශයින් බලපෑ බවත් එක්සත් භික්ෂූ පෙරමුණේ නායක තීනියාවල පාලිත හිමියෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් සාකච්ඡා මාර්ගයෙන් නායකත්ව අර්බුදය ලබන සඳුදා වන විට සමථයකට පත් කර ගැනීමට හැකියාවක් ඇතැයි එජාප ප්‍රබලයෙකු පැවසීය.

නායකත්වය සඳහා රවී කරුණානායක, අකිල විරාජ්, දයා ගමගේ සහ වජිර අබේවර්ධන යන අයගේ නම් ඉදිරිපත් වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad