අමාත්‍යංශ කාර්යාලවල කුලිය කෝටි 10 ඉක්මවයි - විදුලිබල අමාත්‍යාංශය හිටපු දේශපාලනඥයකුගේ ගොඩනැගිල්ලක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 28, 2020

අමාත්‍යංශ කාර්යාලවල කුලිය කෝටි 10 ඉක්මවයි - විදුලිබල අමාත්‍යාංශය හිටපු දේශපාලනඥයකුගේ ගොඩනැගිල්ලක

අමාත්‍යංශ කාර්යාලවල කුලිය කෝටි 10 ඉක්මවයි - විදුලිබල අමාත්‍යාංශය හිටපු දේශපාලනඥයකුගේ ගොඩනැගිල්ලක

කැබිනට් අමාත්‍යංශ හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ කාර්යාල පෞද්ගලික අංශයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යෑම වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි 10කට අධික මුදලක් වැය කිරීමට රජයට සිදුවී තිබෙන බව වාර්තා වේ.   

දැනට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන අමාත්‍යංශය සඳහා පමණක් මාසිකව රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් පෞද්ගලික අංශයට ගෙවන බව රජයේ ආරංචි මාර්ග පැවසීය.  

ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ හත්වෙනි මහලේ පවත්වාගෙන යන අතර ඇමැතිවරයා හා කාර්ය මණ්ඩලය සඳහා නැගෙනහිර කුළුණේ 36 වැනි තට්ටුව වෙන්වී ඇත. මෙම මහල් දෙක සඳහා මාසිකව ලක්ෂ 80ක මුදලක් ගෙවන බව වාර්තා වේ.  

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේම පවත්වාගෙන යන සංචාරක අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය සඳහා ලක්ෂ 80ක මුදලක් ද මාසිකව ගෙවනු ලබන බව වාර්තා වේ.   

කොල්ලුපිටියේ පිහිටි විදුලිබල අමාත්‍යාංශය හිටපු දේශපාලනඥයකුට සම්බන්ධ ගොඩනැගිල්ලක පවත්වාගෙන යන අතර ඒ සඳහා මාසික කුලිය ලක්ෂ 30ක් වේ. උඩරට වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය කොල්ලුපිටිය ශාන්ත මයිකල් පාරේ පිහිටි අතර එම කාර්යාලය සඳහා මාසික කුලිය ලක්ෂ 20ක් වේ.   

රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය පිහිටි ​​ගොඩනැගිල්ල සඳහා ලක්ෂ 22ක් ගෙවනු ලබන අතර දැනට බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය එම ගොඩනැගිල්ලේ පිහිටුවීමට නියමිත බව වාර්තා වේ.   

ලෝක වෙ​ළඳ මධ්‍යස්ථානයේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය පිහිටි කාර්යාලයට ලක්ෂ 80ක මුදලක් ගෙවීම තමන්ට අවශ්‍ය නොවන බව රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කර ඇතත් එම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුමට අනුව එම ගොඩනැගිල්ලෙන් හදිසියේ ඉවත්වීමට නොහැකි බවද වාර්තා වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad