අතුරු සම්මත ගිණුම මගින් වෙන්කල මුදලින් 36%ක් 04 දෙනෙකුට වෙන් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 28, 2020

අතුරු සම්මත ගිණුම මගින් වෙන්කල මුදලින් 36%ක් 04 දෙනෙකුට වෙන් කරලා

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම මගින් වෙන්කල මුදල් ප්‍රමාණයෙන් 36% ක් වෙන්කර ඇත්තේ පුද්ගලයන් 4 දෙනෙකු වෙනුවෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.

ඉතිහාසයේ කිසි දිනෙකටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ණයට ගැනීමට මෙමගින් අවසර ලබාගෙන ඇතැයි ද නැවත ඔහු පැවසීය.

බිලියන 1300 ක ණයක් ගැනීමට අවසර ගෙන තවත් බිලියන 750 ක් ණය ලෙස ලබාගන්නා බව සඳහන් බවත් මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් වූ විවාදයේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad