ඡන්ද මධ්‍යස්ථානයක් වෙනස් වෙයි - හදිසියේම නිවාඩු නිකේතනයකට ගෙනයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

ඡන්ද මධ්‍යස්ථානයක් වෙනස් වෙයි - හදිසියේම නිවාඩු නිකේතනයකට ගෙනයයි

න්නි මැතිවරණ කොට්ඨාශයේ වව්නියාව ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය වවුනියාව දකුණ ප‍්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය වෙත රැගෙන ගොස් තිබේ. ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ බැඳ ඇති බඹර කූඩුවක් හේතුවෙන් මෙලෙස එම ඡන්ද මධ්‍යස්ථානය වෙනත් ස්ථානයට මාරු කිරීමට පියවර ගත් බව වන්නි දිස්ති‍්‍රක් මැතිවරණ තේරීම් භාර නිලධාරී එස් එම් සමන් බන්දුලසේන මහතා පැවසීය.

ඒ අනුව වව්නියාව ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ ඡුන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින සියලූ ඡන්ද දායකයින් වව්නියාව දකුණ ප‍්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය වෙත පැමිණ සිය ඡන්දය ප‍්‍රකාශ කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරිණි.


No comments:

Post a Comment

Post Bottom Ad