අද පෙරවරු 10වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ලැයිස්තුවේ පොහොට්ටුව පෙරමුණේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

අද පෙරවරු 10වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ලැයිස්තුවේ පොහොට්ටුව පෙරමුණේ !

ද (05) උදෑසන 7.00 සිට 10.00 දක්වා කාලය තුළ වැඩිම මැතිවරණ නීති උල්ලංඝනය සිදුකිරීම් සිදුකළ ලැයිස්තුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉහළින්ම සිටින බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 39ක් සිදු කර ඇති අතර සමගි ජන බලවේගය විසින් උල්ලංඝනය කිරීම් 11ක් සිදුකර ඇති බවට වාර්තා වී තිබේ.



මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මැතිවරණයක් සම්බන්ධ උල්ලංඝනය සිදුකර ඇති දිස්ත්‍රික්කය වන අතර එම ප්‍රමාණය 15ක් වේ.

මේ දක්වා සියලු පක්ෂ වලින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 70 ක් සිදු කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad