ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබයි

ලෙබනනයේ බේරූට් හී පිපිරුම හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි සිදුවී ඇති නමුත් කාර්ය මණ්ඩලය ආරක්ෂිත බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

එම පිපිරුම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 10ක් දුරින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් එම පිපිරුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා ඇති බව වාර්තාවනවා.

ශ්‍රී ලංකා තානාපතිනී ශානි කරුණාරත්න මහත්මිය පැවසුවේ, ඒ පිළිබඳ තවත් තොරතුරු සොයා බලමින් සිටින බවය.

ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර ඉන් බහුතරයක් ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරයි.

එසේම විදේශ කටයුතු අමාත්‍යාංශය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ද ඇය පැවසුවාය.

මේ වනවිට ලෙබනනයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, ඊයේ සිදු වූ විශාල පිපිරීම හේතුවෙන් ලෙබනනයේ අගනුවර වන බේරූට් නුවර පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 4,000කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීම හේතුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad