මහ මැතිවරණයට රටම සුදානම් - රට පුරා ඡන්ද මධ්‍යස්ථාන සැකසේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 4, 2020

මහ මැතිවරණයට රටම සුදානම් - රට පුරා ඡන්ද මධ්‍යස්ථාන සැකසේ !

හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප‍්‍රවාහන කිරීමේ කටයුතු මේවනවිටත් සිදුවෙමින් පවතිනවා.

අද පෙරවරුවේ ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අනුව පූර්ණ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මෙම කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

කොළඹ දිස්ති‍්‍රක්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 1178 ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු අද උදෑසන ආරම්භ කෙරුණා. මේවනවිට එම කටයුතු අවසන් අදියරේ පවතින බවයි කොළඹ දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී ප‍්‍රදීප් යසරත්න පැවසුවේ.

කලූතර දිස්ති‍්‍රක්කයේ පිහිටි ඡුන්ද මධ්‍යස්ථාන 656 ක් වෙත ඡුන්ද පෙට්ටි බෙදාහැරීමේ කටයුතු මේවනවිට සිදුකෙරෙන බව කලූතර දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී යූ ඞී සී ජයලාල් ප‍්‍රකාශ කළා.

මේ අතර මහනුවර දිස්ති‍්‍රක්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 890 ක් වෙත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය අද පෙරවරුවේ ආරම්භ වූ බවයි මහනුවර දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී ඞී එම් එන් ජී ජී ටී කරුණාරත්න පැවසුවේ.

නුවරඑළිය දිස්ති‍්‍රක්කයට අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතිය ද ඡුන්ද පෙට්ටි බෙදාහැරීමේ කටයුතු ද අවසන් අදියරේ පවතින බව එම දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී එම් බී ආර් පුෂ්පකුමාර ප‍්‍රකාශ කළා.

මේ අතර බදුල්ල දිස්ති‍්‍රක්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ කටයුතු මේවනවිට සිදුවන බව  වාර්තා වේ.

-නෙත්


No comments:

Post a Comment

Post Bottom Ad