නිකවැරටියේ බරපතල ඡන්ද දුෂණයක් කියා අගමැති මහින්දට විරුද්දව පොලිසියට පැමිණිලි දෙකක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

නිකවැරටියේ බරපතල ඡන්ද දුෂණයක් කියා අගමැති මහින්දට විරුද්දව පොලිසියට පැමිණිලි දෙකක් !

ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව නිකවරටිය සහ කොබෙයිගනේ පොලිස් ස්ථානයන්ට පැමිණිලි දෙකක් කර තිබේ.

ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකු විසින් මෙම පැමිණිලි දෙක සිදු කර ඇත.
නිකවැරටිය සහ කොබෙයිගනේ ප්‍රදේශයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සංවිධානාත්මක ලෙස විශාල පිරිස් ඡන්ද මධ්‍යස්ථාන අසලට රැස් රැස්කරමින් හැසිරුණේ යයි පැමිණිලිවල දැක්වෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ප්‍රදේශයන්හි ඡන්ද මධ්‍යස්ථාන වලට සංවිධානාත්මක විශාල පිරිස් එක්රැස්කර පොදුජන පෙරමුණ ඡන්දය ලබාදෙන්නැයි ඉල්ලා බලපෑම් කර ඇතැයි ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම අවස්ථාවේ නිකවැරටිය නගරය දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බවත් කොබෙයිගනේ ජාතික පාසලේ දී එසේ කටයුතු කර ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමගි ජන බලවේගය නායක නාමල් කරුණාරත්න මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක සදහන් වෙයි.

මෙම තත්ත්වය මැතිවරණ නීතියට මෙන්ම ඡන්දදායකයාට නිදහසේ ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසන ඔහු මෙවැනි ක්‍රියා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඊට විරුද්ධව එරට එන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටින බවත් නිවේදනයේ සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad