පළමු ඡන්ද ප්‍රතිඵලය පස්වරු 2න් පසු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

පළමු ඡන්ද ප්‍රතිඵලය පස්වරු 2න් පසු

පළමු ඡන්ද ප්‍රතිඵලය පස්වරු 2න් පසු

මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා අපේක්ෂකයින් 7452 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධින කණ්ඩායම් 34ක් නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අතර ඉන් මන්ත්‍රිවරුවන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට නියමිතය.

ඊයේ(05) පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සියයට 71ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද(06) පස්වරු 2.30ත් 3.30ත් අතර කාලය තුළ ලබාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ වන විටත් දිස්ත්‍රික්ක මට්ටමින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad