බයියො හිතන්නේ ජනාධිපති මාර වැඩ්ඩෙක් කියලා.. කොරෝනා පසු තත්වයට ජනාධිපතිට උත්තර නෑ - මරික්කාර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

බයියො හිතන්නේ ජනාධිපති මාර වැඩ්ඩෙක් කියලා.. කොරෝනා පසු තත්වයට ජනාධිපතිට උත්තර නෑ - මරික්කාර්

කොරෝනා වලින් පසුව ඇතිවී තිබෙන අර්බුද විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව වැඩපිලිවෙලක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ජනාධිපති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන බයියන් හිතන්නේ ජනාදිපති මාර වැඩ්ඩෙක් ලෙස බවද ඔහු පැවසීය.

නමුත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තනිකරම පුස්සක් බවත් මන්ත‍්‍රිවරයා පැවසීය.

ලෝකයම කොරෝනා අර්බුදය මුහුණ දී තිබෙන තත්ත්වයකදී ඉදිරි කාල සීමාව පශ්චාත් කොරෝනා තත්ත්වය යටතේ මුහුණදිය හැකි ආකාරයක් ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොමැති බවත් ඊට ඔහු පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad