13 ගැන රජය ඉන්දියාවට දී ඇති පැහැදිලි පොරොන්දුව අනුව ක්‍රියාත්මක විය යුතුයි - සම්බන්ධන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

13 ගැන රජය ඉන්දියාවට දී ඇති පැහැදිලි පොරොන්දුව අනුව ක්‍රියාත්මක විය යුතුයි - සම්බන්ධන්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉන්දියාවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බැවින් එම පොරොන්දුව මත පිහිටා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

"13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පොරොන්දු ලබාදී තිබුණත් ඒවා ඉටු වුණේ නෑ. එය ක්‍රියාත්මක කළ යුතුයි. මේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් අවශ්‍යයි. ඒ නිසා මේ ප්‍රශ්න විසඳීම සඳහා ඉන්දියාවේ දායකත්වය දිගටම ලැබිලා ඒක ක්‍රියාත්මක කරයි කියලා මම විශ්වාස කරනවා. 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඉන්දියාවට ශ්‍රී ලංකා රජය පැහැදිලි පොරොන්දුවක් දී තිබෙනවා. ඒ පොරොන්දු මත ක්‍රියාමාර්ග සිදුවිය යුතුයි කියන එක තමයි අපේ  ස්ථාවරය. එය සිදුවිය යුතුයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ආර්. සම්බන්ධන් මහතා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad