මංගල යලිත් පිටියට.. එජාප මහ ලේකම් ධුරයට ඔහුට දෙන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

මංගල යලිත් පිටියට.. එජාප මහ ලේකම් ධුරයට ඔහුට දෙන්න යයි

ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා කරු ජයසුරිය මහතා ගෙන එහි මේ කටයුත්ත පසුපස මංගල සමරවීර හිටපු ඇමතිවරයා සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එමෙන්ම කරුණු කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත් වුවහොත් මංගල සමරවීර මහතා එහි මහලේකම් ධුරයට පත් කිරීමට සූදානමින් සිටී.

ඒ අනුව දැනට මහලේකම් ධුරය දරන අකිල විරාජ් කාරියවසම් මහතා ද එම ධුරයෙන් ඉවත්වී වෙනත් ධුරයට පත් කරනු ඇත.

පළාත් සභා මැතිවරණය අවසාන වන තෙක් පක්‍ෂයට නායකත්වය දීමට වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වුව ද ඔහුගේ නායකත්වය යටතේ මැතිවරණයකට මුහුණ දීමට පාක්ෂිකයන් කැමැත්තක් නොදැක්වීම වූ මත මෙම සාකච්චා සිදු වෙමින් ඇත.

කෙසේ නමුත් මේ කිසිවක් සඳහා අවසන් එකගතාවය පැමිණ නැති අතර පක්ෂය තුළ නායකත්ව අර්බුදය නැවතත් උත්සන්න වන ලකුණු පහළ වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad