ජනාධිපතිගේ නියෝජිත ලෙස මහින්දානන්ද පත් කෙරේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 26, 2020

ජනාධිපතිගේ නියෝජිත ලෙස මහින්දානන්ද පත් කෙරේ !

ව්‍යවස්ථාදායක සභාවේ සිය නියෝජිතයා ලෙස කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

එම ලිපිය මේ වනවිට අලුත්ගමගේ මහතා වෙත යවා ඇති අතර එහි පිටපතක් කතානායකවරයා වෙත යොමු කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

‘අතිගරු ජනාධිපති ⁣ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් එතුමන්ගේ විශේෂ නියෝජිතයා වශයෙන් මා පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇති අතර එහි වගකීම මා විශ්වාසවන්තව හා නිවැරදිව රට වෙනුවෙන් ඉටුකරන බවට ප්‍රකාශ කරමි.. යනුවෙන් අලුත්ගමගේ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක්ද තබා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad