විජිත් විජයමුණි සොයිසා මහතා මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමිනි.
"මේ මැච් එකේ අපේ කැප්ටන් හොඳයි. ෆුල් ටීම් එක ගැහුවෙ නෑ. මොකද දැන් අපි ගත්තොත් මොණරාගල රංජිත් මද්දුම බණ්ඩාර ඉල්ලුවෙ නෑ, ඉල්ලුවා නම් තව සීට් එකක් වැඩිවෙනවා. මම ඉල්ලුවත් ඒක වෙන්න පුළුවන්. දෙවැනි කාරණාව අපි රාජපක්ෂවරුන්ට බැන්නා, දොස් කිව්වා. හැබැයි අපි කියපු දේ මිනිස්සු ඇහුවෙ නෑ. පුද්ගලයින්ට බනින මේ දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මමත් බැන්නා, මමත් දොස් කිව්වා, ඇත්ත. අපි කියපු එක පිළිගත්තෙ නෑනෙ ජනතාව. තමන්ගෙ අඩුපාඩුව ස්වයංවිවේචනයකට එන්න ඕනෙ ඕනෙම දේශපාලනඥයෙක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය.
මැතිවරණ පරාජය සම්බන්ධයෙන් තමන්ට කිසිදු කණගාටුවක් නොමැති බව පැවසූ ඒ මහතා තමන් මොණරාගලින් ඉවත්ව ගම්පහින් තරගවැදීමට ඉදිරිපත් වුණේ ද ස්වකැමැත්තෙන්ම බවත් ප්‍රකාශ කළේය.


No comments:
Post a Comment