නිරෝදානයනය අතර මගදී නාගොඩ රෝහලෙන් පැන ගිය 80 හැවිරිදි කත කෑගල්ලෙන් හමුවේ : ආරක්ෂාව පතා ගිය වෙළදසැලේ 07ක් ස්වයං නිරෝදායනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 29, 2020

නිරෝදානයනය අතර මගදී නාගොඩ රෝහලෙන් පැන ගිය 80 හැවිරිදි කත කෑගල්ලෙන් හමුවේ : ආරක්ෂාව පතා ගිය වෙළදසැලේ 07ක් ස්වයං නිරෝදායනයට

නිරෝධායනය වෙමින් සිටියදී කළුතර, නාගොඩ රෝහලෙන් පලා ගිය 80 හැවිරිදි කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ දී සෞඛ්‍ය අංශ විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සිට පසුගිය 27 වෙනිදා මෙරටට පැමිණ ඇති මෙම 80 හැවිරිදි කාන්තාව බේරුවල ප්‍රදේශයේ හෝටලයකට නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබුණා.
කෙසේවෙතත් මානසික රෝගී තත්ත්වයකින් පෙළීම හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව ඊයේ (28) අලුයම් කාලයේ රෝහලෙන් පැන ගොස් ඇති බවට අනාවරණය වුයේ රෝහලේ හෙදියක් එම කාන්තාවට බෙහෙත් ලබාදීමට ගිය අවස්ථාවේදී.

රෝහලෙන් පැන ගිය එම මෙම කාන්තාව කළුතර ප්‍රදේශයේ සිට කෑගල්ල ප්‍රදේශයට බස් රථයකින් පැමිණ ඇති අතර පසුව කෑගල්ල ප්‍රදේශයේදී ඇය බස් රථයෙන් බැස යමින් සිටියදී යම් පුද්ගලයෙකු ඇයගේ පසුපසින් ලුහුබැදීම නිසා නගරයේ පිහිටි වෙළදසැලකට ඇය ආරක්ෂාව පතා ඇතුල්වී තිබෙනවා.

ඒ අවස්ථාවේදී මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් පසු සෞඛ්‍ය අංශ විසින් එම ස්ථානයට පැමිණ ඇයව සිය භාරයට ගෙන ඇති අතර පසුව ඇයව අංගොඩ මානසික රෝග විද්‍යායතනය වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.

මෙම කාන්තාවගේ PCR පරීක්ෂණය සිදුකොට ඇති අතර එම වාර්තාව ලැබෙන තෙක් එම වෙළදසැලේ සේවයේ යෙදී සිටි සේවකයින් 07 දෙනෙකු ස්වයං නිරෝදායනයට ලක් කිරිමට සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගෙන තිබෙනවා.

මේ වන විට එම වෙළදසැල සම්පුර්ණයෙන් විෂබිජ හරණයට ලක් කොට තිබෙන අතර වෙනත් සේවකයින් පිරිසක් යොදවා අද දිනයේදී එය විවෘත කොට ඇති බවයි කෑගල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරියෙක් සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad