සම්පායෝ ඇමතිනි සුදර්ශනී හමුවෙන්න දතකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 29, 2020

සම්පායෝ ඇමතිනි සුදර්ශනී හමුවෙන්න දතකයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මීගමු බන්ධනාගාරය හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ තමනට රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හමුවීම සඳහා ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම ඇමතිවරිය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි බන්ධනාගාර සංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

සම්පායෝ විසින් මෙම ලිඛිත ඉල්ලීම කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙතිනි.

තමන්ට සිදුව ඇති අසාධාරණය ගැන කරුණු හෙළි කිරීමට ඇමැතිවරිය හමුවීමට ඔහු විසින් කර ඇති ඉල්ලීම එම මොහොතේම ඇමතිවරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහුට අසාධාරණයක් වී ඇත්තේ නම් එය අධිකරණය මාර්ග විසඳා ගන්නා ලෙසත් ඔහුට දැනුම් දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඇමැතිනිය විසින් දන්වා ඇත.

මේ මොහොතේ තමන් අවධානය යොමු කර ඇත්තේ බන්ධනාගාර ගත කර සිටින බාලවයස්කාර දරුවන් මුදා ගැනීම ගැන බව ද ඇය සඳහන් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad