ලංකාවට මහත්මා දේශපාලනයක් අවශ්‍යයි - කථානායක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 2, 2019

ලංකාවට මහත්මා දේශපාලනයක් අවශ්‍යයි - කථානායක

ලංකාවට මහත්මා දේශපාලනයක් අවශ්‍යයි - කථානායක

වර්ථමානයේ ශ්‍රී ලංකාවට මහත්මා දේශපානලයක් අවශ්‍ය බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

පසුගියදා පැවති මැතිවරණය ඉතාම සාමකමීව පැවති බවත් මිට වසර කිහිපයකට පෙර පැවති මැතිවරණ කාලයේ විවිධ ප්‍රචන්ද ක්‍රියා සිදු බවද ඒ මහතා සිහිපත් කළේය.

මෙවර මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවුන බවත් එයට ප්‍රධානත හේතුව වුයේ ඒ සඳහා අදාල නීති රීති සම්පාදනය කර දීම සහ අධිකරණ ක්‍රියාවලියද නිසි පරිද කටයුතු කිරීම බවද කථානායකවරයා පවසයි.

එමෙන් මැතිවරණ කොමිසමද නිසි පරිදි ඒ සඳහා කටයුතු කළ බවද ඔහු සඳහන් කරයි.

එම නිසා රට වෙනස් විය යුතු කාලය පැමිණ ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

පසුගිය දා මැතිවරණ කොමිසමේ සමාජිකයන් පැමිණ තමන් හමු වු බවත් එහිදි ඔවුන් මැතිවරණ ක්‍රියාවලියේ පවතින අඩුපාඩුකම් පිලිබඳ කරුණු ඉදිරිපත් කළ බවත් කථානායකවරයා පවසයි.

එම කරුණු ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම කරණු සම්මතකර ගැනීමට හැකි වුවහොත් ඉදිරියේදි වඩාත් හොඳ මැතිවරණ ක්‍රියාදාමයක් බලාපොරොත්තු විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad