හිටපු අගමැති රනිල් සුපිරි ජීවිතයකට අවශ්‍ය පහසුකම් නව අගමැතිගෙන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 4, 2019

හිටපු අගමැති රනිල් සුපිරි ජීවිතයකට අවශ්‍ය පහසුකම් නව අගමැතිගෙන් ඉල්ලයි

හිටපු අගමැති රනිල් සුපිරි ජීවිතයකට අවශ්‍ය පහසුකම් නව අගමැතිගෙන් ඉල්ලයි

වෙඩි නොවදින මෝටර් රථයක්, අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහන අටක්, පොලිස් වාහන නවයක්, ගිලන් රථයක්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 17 දෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරින් 200 ක් ලබාදෙන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා එම ලිපිය මගින් ඉල්ලා තිබේ. ඊට අමතර නිල නිවසක්, කාර්යාල පරිශ්‍රයක්, ලේකම්වරයෙක් ඇතුළු අනෙකුත් වරප්‍රසාද රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයාව සිටි සමන් ඒකනායක මහතා වත්මන් අග්‍රාමාත්‍යවරයාට ලියා ඇති ලිපියක් කරලියට පැමිණ තිබේ. 

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටි අවසන් දිනය වූ පසුගිය 17 වැනිදා සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පළමු ලිපිය යොමු කර ඇත. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දෙවන ලිපිය යොමුකර ඇත්තේ පෙරේදා (02) පස්වරුවේය.

විශ්‍රාම යන අග්‍රාමාත්‍යවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු සියලු වරප්‍රසාද ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපි දෙකක් යොමුකර තිබේ.

මෙම ඉල්ලීම අමාත්‍ය මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගෙන කඩිනමින් ඉටුකරන ලෙසද එම ලිපියෙන් ඉල්ලා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad