විදේශ සේවා කාර්යාංශයේ දස දෙනෙකුට කෝටි 9ක සැප වාහන ගන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 4, 2019

විදේශ සේවා කාර්යාංශයේ දස දෙනෙකුට කෝටි 9ක සැප වාහන ගන්න යයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් දස දෙනාට රුපියල් නව කෝටි විසි ලක්‍ෂයක මුදලක් වැය කර අලුත් මෝටර් රථ දහයක් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි කාර්යාංශ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මේ වන විටත් එම නිලධාරීන් දස දෙනා සඳහා රුපියල් හැටපන් ලක්‍ෂයක් වටිනා මෝටර් රථ ලබා දී තිබෙන අතර ඒවා එතරම් සුඛෝපභෝගී නැතැයි කියමින් එකක් රුපියල් ලක්‍ෂ 92ක් වන අලුත්ම පන්නයේ මෝටර් රථ දහයක් මිලදී ගැනීම සඳහා මෙලෙස ඇණවුම් කර ඇත. මිලදී ගන්නට යන මෝටර් රථයක ඉන්ධන පිරිමැස්ම පෙට්රල් ලීටරයකට කිලෝමීටර් පහක් යැයි ද මිල ගණන් කැඳවීමේදී හෙළි වී තිබේ.

 මීට අමතරව ඉකුත් පාලන සමයේ දී කාර්යාංශයේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කිරීම සඳහා මාසික කුලී පදනමට ගත් වෑන් රථ ඉවත් කර මසකට රුපියල් 1,90,000ක් ගෙවීමේ පදනම මත ඩබල් කැබ් රථ පහක් ලබා ගෙන ඇත. ඒ අනුව කැබ් රථ සඳහා මසකට ගෙවීමට සිදුව තිබෙන අමතර වියදම රුපියල් හාර ලක්‍ෂ පනස් දහසක් යැයි ද ගණන් බලා තිබේ.

මව්බිම


No comments:

Post a Comment

Post Bottom Ad