රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසකුත් අද දිවුරුම් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 27, 2019

රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසකුත් අද දිවුරුම් දෙයි

පසුගිය සතියේ පත් කෙරුණු කැබිනට් අමාත්‍යවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පමණක් පත් කෙරෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ඇමතිවරුන් දිවුරුම් දුන් උත්සවයේදී ප්‍රකාශ කළ ද මේ වනවිට ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක් ද පත් කිරීමට නියමිත බව වාර්තා වේ. 

රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සඳුදා දිනයේදී සිදු කෙරෙනු ඇතැයි ජනාධිපතිවරයා පැවසුවත් එය බදාදා (27) එනම් අද දිනය දක්වා කල් ගිය අතර ඒ අනුව අද පෙරවරු 09.00ට ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ එම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

මෙසේ දිවුරුම් දීමට නියමිත සම්පූර්ණ රාජ්‍ය - නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව නිශ්චිතව දැනගැනීමට නැතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් සියල්ලම පාහේ ඊට ඇතුළත් වනු ඇති බව සඳහන්. 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රාජ්‍ය, නියෝජ්‍ය හෝ කැබිනට් නොවන ඇමතිවරුන් 40ක් පත් කළ හැකිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad