මහමඟ සිඟමන් යදින යාචකයින් ඉවත් කිරීමට බස්නාහිර පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 30, 2019

මහමඟ සිඟමන් යදින යාචකයින් ඉවත් කිරීමට බස්නාහිර පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත උපදෙස්

සිඟමන් යදින යාචකයින් ඉවත් කරන ලෙස බස්නාහිර පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව එම දැනුම් දීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන විසින්.


ඒ අනුව විවිධ අපහසුතා මතුවන අයුරින් බස්නාහිර පළාත තුළ සිඟමන් යදින පුද්ගලයන් හම්බන්තොට රිදියගම ප‍්‍රදේශයේ පිහිටි යාචක රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර හෙට සිට දුම්රිය තුළ සිගමන් යැදීමද තහනම් කර ඇති බව දුම්රිය සේවා අමාත්‍යංශය ඊයේ නිවේදනය කළා.

මීට පෙරද මෙවැනි තහනමක් පනවා තිබුණත් එය නිසි පරිදි කි‍්‍රයාත්මක වුයේ නැහැ. මෙම තහනමට අදාළ නව වැඩපිළිවෙල කි‍්‍රයාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායකගෙන් කරුණු විමසීමක් කළා

නෙත්


No comments:

Post a Comment

Post Bottom Ad