පාදෙණියට සෞඛ්‍ය ලේකම් තනතුර නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 28, 2019

පාදෙණියට සෞඛ්‍ය ලේකම් තනතුර නෑ

පාදෙණියට සෞඛ්‍ය ලේකම් තනතුර නෑ

නව අමාත්‍යාංශ 20ක් සඳහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

කෙසේ වෙතත් මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෙත තනතුරක් හිමිනොවුණි.

පසුගිය දින කිහිපයේදී වාර්තා වූයේ සෞඛ්‍ය ලේකම් තනතුර පාදෙනිය මහතාට ලබාදීමට රජයෙන් යෝජනා වී ඇති බවයි. එය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද තහවුරු කළේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය ලේකම් තනතුර සඳහා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන  පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්කර තිබුණි.

නව අමාත්‍යාංශ ලේකම්වරු

01-එස්.එම්. මොහොමඩ් මහත්මිය- සංචාරක සහ ගුවන් සේවා

02-ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා- මාර්ග සහ මහාමාර්ග

03-ජේ.ජේ. රත්නසිරි මහතා - අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ

04-රවින්ද්‍ර හේවාවිතාරණ මහතා - වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම

05-ජේ.ඒ. රංජිත් මහතා - කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ

06-ඩීඑම්.ඒ.ආර්.බී. දිසානායක මහතා - උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන

07-එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා - මගී ප්‍රවාහන කළමනාකරණ

08-ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ

09-වසන්තා පෙරේරා මහත්මිය - විදුලිබල හා බලශක්ති

10-එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා - වරාය හා නාවික කටයුතු

11-එස්.හෙට්ටිආරච්චි මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

12-ආර්.පී. ආර්යසිංහ මහතා - විදේශ සබඳතා

13-ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ

14-ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය - පරිසර හා වනජීවි සම්පත්

15-ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා - ඉඩම් හා ඉඩම් සංවර්ධන

16-එම්.පී.ඩී.යු.කේ. මාපා පතිරණ මහතා - කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන

17-ආර්.එම්.අයි. රත්නායක මහත්මිය - ධීවර හා ජලජ සම්පත්

18-පී.එස්.එම්. චාල්ස් මහත්මිය  -සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා

19-එන්.බී. මොන්ටි රණතුංග මහතා - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන

20-ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා - නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්

No comments:

Post a Comment

Post Bottom Ad