විපක්ෂනායක ධුරය යළිත් අර්බුදයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 28, 2019

විපක්ෂනායක ධුරය යළිත් අර්බුදයක

විපක්ෂනායක ධුරය යළිත් අර්බුදයක

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික  පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් ඊයේ (27දා) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා වෙත ලැබුණ බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

එම මන්ත්‍රීවරුන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගේ අවධානය යොමු කරවන ලද ලිපියක්, ආදාළ අත්සන් 57 සහිත ලිපියේ පිටපතක්ද සමඟ මේ වන විට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත  කථානායක කාර්යාලය මඟින්  යොමු කර ඇති බවත් එම කාර්යාලය පෙන්වා දෙයි.

එමඟින් කථානායකවරයා දන්වා ඇත්තේ ඉහත කී මන්ත්‍රීවරු 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද  අවධානය යොමුකොට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් තමා වෙත දැනුම් දෙන ලෙසයි.

මේ වන වි‍ට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණ ගනු ලබන තීරණය තමා වෙත  නිල වශයෙන් දැනුම් දුන් පසුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය පරිදි කථානායකවරයා විසින් ඒ පිළිබඳව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව පමණක්  විපක්ෂ නායක ධුරය නිල වශයෙන් බලාත්මක වනු ඇති බවත් කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad