අත්‍යාවශ්‍ය නොවන වියදම් කපා හරින්නැයි ජනපති අමාත්‍යාංශවලින් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 28, 2019

අත්‍යාවශ්‍ය නොවන වියදම් කපා හරින්නැයි ජනපති අමාත්‍යාංශවලින් ඉල්ලයි

අත්‍යාවශ්‍ය නොවන වියදම් කපා හරින්නැයි ජනපති අමාත්‍යාංශවලින් ඉල්ලයි

වාහන , ගමන් බිමන් , ගොඩනැගිලි පහසුකම් ආදිය වෙනුවෙන් කෙරෙන වියදම් ඇතුළු සියලුම අත්‍යාවශ්‍ය නොවන සහ ප්‍රමුඛ නොවන වියදම් කපා හරින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම අමාත්‍යාංශවලින් සහ නියෝජිත ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ ඊයේ (27) පැවැති කැබිනට් රැස්වීමට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර ඇත.

භාණ්ඩ හා සේවා මත පැනවෙන බදු අඩුවීමට ඉඩ ඇති බැවින් රාජ්‍ය නියෝජිත ආයතන සහ රජයට අයත් ව්‍යවසායන් මගින් කෙරෙන වියදම් ඇතුළු රාජ්‍ය වියදම් ද පහත මට්ටමක පවත්වා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

රජයේ ආදායම යළි සකස් කර ගැනීමට යම් කාලයක් ගතවන බැවින් රජයේ මුදල් වැය කිරීමේදී  සිරුවෙන් කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad