මට රනිල් හම්බවෙන්න ඕනෙත් නෑ - පක්ෂෙ තනතුරු ඕනෙත් නෑ - කරු සමග පැවැත්වීමට තිබූ සාකච්ඡාව සජිත් මගහරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 27, 2019

මට රනිල් හම්බවෙන්න ඕනෙත් නෑ - පක්ෂෙ තනතුරු ඕනෙත් නෑ - කරු සමග පැවැත්වීමට තිබූ සාකච්ඡාව සජිත් මගහරී

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව සජිත් ප්‍රේමදාස මහතා විසින් මගහැරි බව අප මීට පෙර වාර්තා කළේය. එම සාකච්ඡාව සඳහා සහභාගි නොවන බව හෝ සජිත් ප්‍රේමදාස මහතා දන්වා නොතිබිණි.

සාකච්ඡාව මගහැරි සජිත් ප්‍රේමදාස මහතා, එජාපයේ ප්‍රබලයෙකු අමතා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග තමාට කිසිදු සාකච්ඡාවක් නොමැති බවයි. ඔහු සෘජුවම පවසා තිබෙන්නේ, 'මට එයාව හම්බවෙන්න ඕනෙත් නෑ, පක්ෂෙ තනතුරු ඕනෙත් නෑ' යනුවෙනි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව පක්ෂයේ ඔහු දැරූ නියෝජ්‍ය නායක තනතුරෙන් ද ඉවත් විය. ඉන් පසු ඔහු මෙතෙක් පක්ෂයේ කිසිදු කටයුත්තකට සහභාගි නොවූ අතර දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

කෙසේ වෙතත් සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සටන් කළ එජාප තෙවැනි පෙළ නායකයන් පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය හිමිවිය යුතු බවයි. එතෙක් ඔහු පක්ෂයේ කිසිදු කටයුත්තකට සහභාගි නොවන බව ද ඔවුන් අවධාරණය කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad