මංගල දේශපාලනයෙන් ඉවත් වෙනවාද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

මංගල දේශපාලනයෙන් ඉවත් වෙනවාද?

මංගල දේශපාලනයෙන් ඉවත් වෙනවාද?

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට පැතිරියන කතාවල සත්‍යතාවයක් නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රකාශකයෙකු පුවත්පතකට පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේ ලැබු පරාජයත් සමගම සමාජ මාධ්‍ය ඔස්සේ මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට විවිධ ප‍්‍රකාශ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් කල විමසිමකදි ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රකාශකයෙකු තවදුරටත් මෙසේ පවසා ඇත.

‘‘ මංගල සමරවිර හිටපු අමාත්‍යවරයා දේශපාලනයෙන් සමුගන්නා බවට විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර මේ  දිනවල ප‍්‍රචාරය වෙනවා. මංගල මහත්තයා දේශපාලනය ආරම්භ කළ දවසේ ඉදලම ප‍්‍රතිපත්තිගරුක දේශපාලනයක් සිදු කළේ,  එය විපක්ෂයේ කෙනෙක් වුණත් පිළිගන්න දෙයක්. එතුමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් නම්  සමුගන්නවා කියලා තිරණය කරලා තිබුණා. ඉදිරියේදි එය වෙනස් වෙයිද දන්නෙ නැහැ. මංගල සමරවිර කියන්නේ දේශපාලන සත්වයෙක් ’’ යැයි පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad