බෞද්ධ භික්ෂුවකගේ මවුපියන්ට මුස්ලිම් පල්ලියෙන් නිවසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

බෞද්ධ භික්ෂුවකගේ මවුපියන්ට මුස්ලිම් පල්ලියෙන් නිවසක්


බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මාපියන් වෙනුවෙන් නිවසක් ඉදිකිරීමට කොළොන්නාව ජුම්මා මුස්ලිම් පල්ලිය සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පෙරේදා (10) මුදල් පරිත්‍යාග කළේය.



කොළොන්නාව ජුම්මා පල්ලියේ අයි.වයි. එම්, අනීස් මෞලවිතුමන් විසින් පනාමුරේ විමල බුද්ධි හිමිගේ මාපියන්ගේ නිවස ඉදිකිරීම වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාගය කෙරිණි.

සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකෙරුණු රන්වැට විවෘත කිරීම හා ආභිනව භික්ෂු නේවාසිකාගාරයට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අවස්ථාවේදී මෙම පරිත්‍යාගය සිදුවිය. සේදවත්ත පුරාණ විහාරාධිපති අඹෙවල ඥානාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම පැවැත්විණි.

No comments:

Post a Comment

Post Bottom Ad