අලුත් කඩේදී හමුවූ හිස මුස්ලිම් අයෙකුගේ නෙමෙයි - "කොස් මල්ලි" ගේලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 7, 2018

අලුත් කඩේදී හමුවූ හිස මුස්ලිම් අයෙකුගේ නෙමෙයි - "කොස් මල්ලි" ගේලු


අද (07) උදැසන කොළඹ, කෙසෙල්වත්ත බණ්ඩාරණායක මාවතේ තිබි පොලිසිය විසින් සොයා ගත් මිනිස් හිස
මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි ශාන්ත කුමාර හෙවත් "කොස් මල්ලි" ගේ බවට පොලිසිය අනාවරණය කර
ගෙන තිබෙයි.

පසුගිය පෙබරවාරි 16 වනදා

එම ප්‍රදේශයේදිම සිදුවු මනුෂ්‍ය ඝාතනයකට "කොස් මල්ලි" යන අය
සමිබන්ධ බවට පරික්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොටිඨාෂය අනාවරණය කර ගෙන තිබෙන බව පොලිස්
මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

කලු පැහැති පොලිතීන් බෑගයක තිබී මෙම මිනිස් හිස හමුවී ඇති අතර අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට
මීටර් 200ක් පමණ දුරින් පිහිටි බණ්ඩාරණායක මාවතේ ස්ථානයකදී එය සොයා ගත් බව පොලිස් මාධ්‍ය
ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර දන්වා තිබුණි.
මේ දිනවල පවතින ජාතිවාදී ගැටලුව මුල් කර මෙම හිස මුස්ලිම් ජාතිකයෙකුගේ බවට කටකතාවක්ද මෙයට ඉහත පැවති අතර සිරුර හදුනාගන්නා තුරු ඒ සදහා විශේෂ ආරක්ෂාවක්ද ලබාදී තිබුණි. ශාන්ත කුමාර හෙවත් "කොස් මල්ලි" සිංහල ජාතිකයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad