පොහොට්ටුව නොසන්සුන් - කතානායක නම් හෙළි කරන්න සුදානම් වේ... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 9, 2018

පොහොට්ටුව නොසන්සුන් - කතානායක නම් හෙළි කරන්න සුදානම් වේ...


මහනුවර ප්‍රදේශයේ කලහකාරී සිද්ධිවලට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න රහස් පොලිස් වාර්තාව තමන්ට ලැබුණු පසුව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (08දා) පැවසීය.

හමුදා ප්‍රධානීන් හා පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග මේ දිනවල තමන් දිනකට අවස්ථා තුනකදී සාකච්ඡා කරන බවද කථානායකවරයා සඳහන් කළේය.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න ඇමතිවරයා සඳහන් කළ මන්ත්‍රීවරුන් දෙදෙනා කවුරුන් දැයි ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළ අවස්ථාවේදී කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේය.

තෙල්දෙණියේ ඇතුළු මහනුවර තදාසන්න ප්‍රදේශවල එල්ලකෙරෙමින් තිබෙන ජාතිවාදී ප්‍රහාරයන් මෙහෙයවීමේ චෝදනාව ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ශවය වෙත යොමුවීම ගැන ලැබුණු තොරතුරක් හේතුවෙන් එම පාර්ශවය දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.

අදාළ තොරතුර සම්බන්ධව විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ඒ බව තහවුරු කර සිටි අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආරක්ෂක ආරංචිමාර්ග වෙතින් තම පාර්ශවයට ඒ බව දැනගන්නට ලැබුණු බවය.

No comments:

Post a Comment

Post Bottom Ad