කැළඹිලි ස්වභාවය අඩු පීඩනයක් - වැසි සහ සුළං වැඩිවෙයි.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

කැළඹිලි ස්වභාවය අඩු පීඩනයක් - වැසි සහ සුළං වැඩිවෙයි....


දිවයින ආසන්නයේ පැවති තරංගාකාර කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්වයක් බවට පත්ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අඩු පීඩන කලාපය මේ වන විට දිවයිනට දකුණු දෙසින් ස්ථානගතව ඇති අතර එය  වයඹ දෙසට බරව බස්නාහිර දෙසට ගමන් කරනු ඇති.
මෙම පද්ධතියේ  බලපෑමෙන්  දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර
වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
දිවයිනට බස්නාහිර, දකුණු, ගිනිකොණ සහ නැගෙනහිර  දෙසින් වන මුහුදු ප්‍රදේශවලට ද  තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ද  ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad