පොහොට්ටුව දිනූ සතුටට අයෙක් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 12, 2018

පොහොට්ටුව දිනූ සතුටට අයෙක් මරුට


අම්බලන්ගොඩ නගර සභාව ඇතුළුව අනෙක් පළාත් පාලන ආයතන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනුවේ යයි කියන සතුටට පුද්ගලයකු මියගොස් ඇතැයි අද (12දා)  බළපිටිය මූලික රෝහලේ පැවති මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.
මෙසේ මියගොස් ඇත්තේ

අම්බලන්ගොඩ තල්ගස්ගොඩ පදිංචි පස්දරු පියෙකු වන එන්.එච්. ආරියසිරි නමැත්තෙකි.

මේ පිළිබදව මරණ පරීක්ෂණය වතුගෙදර හදිසි මරණ පරීක්ෂක කරුණාසේන මලවිගේ මහතා විසින් අද (12) දහවල් පවත්වමින් තිබිණ.

මිය ගිය තැනැත්තා ඊයේ (11දා)  මැතිවරණ රාත්‍රී වනතුරුම ඡන්ද ප්‍රතිඵල අසමින් මෙවර තමන් වැඩකළ පක්ෂය අම්බලන්ගොඩින්  හා ලංකාවේ අනෙක් පළාත්වලින් ජයග්‍රහණය කිරීම පිළිබඳව ඉතා සතුටට පත්ව නටමින්
ගී ගයමින් සිට ඇති අතර තමන් බලාපොරොත්තු ආකාරයටම ලංකාවේම ජනතාව ඡන්දය දුන් බව කියමින් විනෝදවුණු බව ඔහුගේ පවුලේ අය පවසති.

 තමන් වැඩ කළ පක්ෂය දිනීම සම්බන්ධයෙන් නටමින් ගයමින් සිටි මොහු ‘මට දැන් මැරුණත් කමක් නැහැ කියමින් මගේ ඇඟට දැන්  හරිමදියි’ කියමින් ඇඳේ ඇලවී ඇති බවත් පසුව ඔහු මියගොස් සිටි බවද ඔවුහු පැවසූහ.

මැතිවරණය පොහොට්ටුව   දිනීමෙන් ඇතිවූ උද්දාමයෙන් 65 හැවිරිදි   සිය පියා  අධික සතුටට පත්ව මියන්නට ඇතැයි මේ පිළිබඳව අදහස් දැක්වූ ඔහුගේ දරුවෝ පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad