ශානිට මරනවා යයි කී නිසා වාස්ට අවුරුදු 5 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 12, 2018

ශානිට මරනවා යයි කී නිසා වාස්ට අවුරුදු 5 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

2013 වසරේදී කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට මරණිය
තර්ජන එල්ල කිරිම

පිළිබඳ චෝදනාවට වරදකරුවිම හේතුවෙන්
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබේ.
ශානී අබේසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 06ක් යටතේ වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

ඉන් මරණිය තර්ජන එල්ල කිරිමේ චෝදනාව වැඩිබර සාක්ෂිමත ඔප්පුකර ඇති බැවින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (12) එම නියෝගය නිකුත් කර තිබේ.
වාස් ගුණවර්ධන මේ වනවිටත් සිර දඩුවම් ලබමින් සිටින අතර මෙම දඩුවමද එක්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad