වාර්තාගත ජයක් මරික්කාර්ට... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 12, 2018

වාර්තාගත ජයක් මරික්කාර්ට...


පසුගියදා පැවති පළාත් පාලන මැතිවර‍ණයේදී ලැබී ඇත්තේ කෘත්‍රීම ඡන්ද ප්‍රතිඵලයක් බවත් තවමත් පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය ඒ ආකාරයෙන්ම සුරැකිව පවතින බවත් එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාව ආසන සංවිධායක එස්.එම් මරික්කාර් මහතා පවසයි.

මරික්කාර් මහතා කොළොන්නාව ආසනය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳවද මෙසේ කියා සිටියේය.

" මෙම මැතිවරණයෙදී ජනතාව පසුගිය අවුරුදු දෙකක කාලය තුළ දූෂණයෙන් භීෂණයෙන් තොරව වැඩ කළ මන්ත්‍රීවරයෙක් විදියට මට හිමි ජයග්‍රහණය ලබා දීලා තියෙනවා. ඒ නිසා කොළොන්නාව නගරසභාව අති විශිෂ්ට ජයග්‍රහණයකුත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව තුළ එක්සත් ජාතික පක්ෂය, ඉතිහාසයේ නොගත් ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන ජයග්‍රහණය කරා".

"රටේම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 32% ක් වෙද්දී කොළොන්නාවේ ඡන්ද ප්‍රතිශතය 43% ක් වෙලා තියෙනවා. අපි කොළොන්නාව නගර සභාවේ බලය තනියමත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික නිදහස් සන්ධානයත් සමඟ එක්ව හවුලේත් පිහිටුවනවා. ජනතාවට අපි සැලකුවොත් ජනතාව අපි සමග ඉන්නවා කියන එකත් මම මතක් කරන්න ඕන". යැයි පැවසීය.



No comments:

Post a Comment

Post Bottom Ad