මහරගම බයිසිකලේ කුරුණෑගලින් ඉම්පෝට් කළැයි අලියයි අතයි උසාවි යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 13, 2018

මහරගම බයිසිකලේ කුරුණෑගලින් ඉම්පෝට් කළැයි අලියයි අතයි උසාවි යයි


මෝටර් සයිකලය ලකුණින් මහරගම නගර සභාවට තේරී පත්වූ කණ්ඩායමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව අධිකරණය හමුවට යෑමට තීරණය කර තිබේ.

නගර සභා සංශෝධන ආඥා පනත අනුව සියලුම අපේක්ෂකයන් අදාළ කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවන් බවට තහවුරු කළ යුතු යැයි සඳහන් වගන්තියට පටහැනිව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු එම අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරෙහිව මෙම විරෝධතාව ගොනු කිරීමට කටයුතු යොදා තිබේ.
මෙම අපේක්ෂකයන් තිදෙනා මහරගම නගර සභා සීමාවේ පදිංචිකරුවන් බවට

ග්‍රාමසේවා නිලධාරිවරයකු සහ විජේරාම කොට්ඨාසයේ සාමදාන විනිශ්චයකාරවරයකු සහතික කොට තහවුරු කර ඇති අතර ඔවුන් දෙදෙනා ඇතුළු මැතිවරණ කොමසාරිස්වරයා වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව ගොනු කිරීමට නියමිතය.

මේ පිළිබඳව නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විරෝධතාවද මැතිවරණ කොමසාරිස්වරයා විසින් නොසලකා හැර ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර මෝටර් බයිසිකලය ලකුණින් තේරී පත්වූ අපේක්ෂකයන් එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටීමටද තීරණය වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad