JVP කිසිම පක්ෂයකට සහාය දෙන්නේ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 13, 2018

JVP කිසිම පක්ෂයකට සහාය දෙන්නේ නෑ

නව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී වෙනත් පක්ෂවලට කිසිදු සහායක් ලබා නොදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
දිසානායක මහතා පැවැසුවේ

පළාත් පාලන ආයතන තුළ ජනවරම ලබා ගත් කණ්ඩායමට බලය පිහිටුවීමට අයිතිය ඇති නමුත් ඔළුගෙඩි මාරු කිරීමෙන් බලය පිහිටුවීමට අවශ්‍ය සහාය තම පක්ෂය විසින් ලබා නොදීමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත් තම පක්ෂයට ලබා දී තිබෙන වරම ඒ ඒ මන්ත්‍රිවරුන් විසින් ඒ ඒ පළාත් ආයතන තුළ ජනතාව වෙනුවෙන් සේවාවන් ඉටු කිරීමටත්, සිදුවන වංචා දූෂණවලට එරෙහිව සටන් කිරීමටත් කැප වන බවද ජවිපෙ නායකයා වැඩිදුරටත් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad