තරංගගේ ආන්දෝලනාත්මක දැවී යාම ඉදිරියේදී වෙනස් වෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

තරංගගේ ආන්දෝලනාත්මක දැවී යාම ඉදිරියේදී වෙනස් වෙයි (VIDEO)

ඊයේ දිනයේ (27) ශ්‍රී ලංකා පළමු ඉනිමේදී උපුල් තරංගගේ දැවී යාම වෙත බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වූවා. ඉදිරියට පැන පහරක් එල්ලකිරීමට ගොස් දුවද්දී දැවී යාමට උපුල්ඒ තරංගට සිදුවුනා.

සීමා ඉර පසුකර පිත්ත තැබුවත් එය බිම පතිත නොවී තිබීම හේතුවෙන් මෙය දැවී යාමක් ලෙස ඊයේ දිනයේ සලකනු ලැබුවා. කෙසේ වෙතත් වත්මන් ක්‍රිකට් නීතියට අනුව මෙය දැවී යාමක් වුවද, ICC ය විසින් සම්පාදන කර ඇති නව නීතියට අනුව එය දැවී යාමක් නොවනු ඇත. ICC යේ මෙම නව නීතිය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් මස පළමුවනදා සිට වේ.

මීට අමතරව ඔක්තෝම්බර් පළමුවනදා සිට වෙනස් වන අනෙකුත් නීතින් වන්නෙ පිති වලට නියමිත ප්‍රමාණාතක උපරීම දිග පළල සහ ඝණකම නම් කිරීම , විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේදී තීරණය වෙනස් වූ විට රිවීව් අවස්තාව අහිමි නොකර එම කණ්ඩායමට ඒ රිවීව් අවස්තාව ලබා දීම සහ ක්‍රීඩා පිටියේදී නොමනා හැසිරීම් පෙන්වන ක්‍රීඩකයන්ට කාර්ඩ් පෙන්වා ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීම වැනි නීතියි..

එම අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad